Tuesday, 10 July 2018

Friends 4ever


රෝහන විජේවීර

රෝහණ විජේවීර ශ්‍රී ලංකවේ සිටි වාමවාදී දේශපාලකයෙකි.
රෝහණ විජේවීර

උපතපටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර
ජූලි 14, 1943
බ්‍රිතාන්‍ය ලංකාවේ කෝට්ටෙගොඩ
මරණයනොවැම්බර් 13 1989 (වයස 46)
ශ්‍රී ලංකාවේ බොරැල්ල, කනත්ත සුසාන භූමිය
සංවිධානයජනතා විමුක්ති පෙරමුණ

ළමාවියසංස්කරණය

පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර නමින් 1943 ජුලි 14 දින ( බැස්ටීල් දිනයේ )උපත ලද ලාංකීය උර්තිය විප්ලවවාදියාගේ නම රෝහණ විජේවීර ලෙස පසුව ජනාධාරයට පත්විය. මාක්ස් ලෙනින්වාදී දේසපාලන ව්‍යාපාරයක් වූ ජනතා විමුක්ති පෙරමුණේ සමාරම්භකයා වේ . ඉතා දිලිදු පවුලක උපත ලත් ඔහුගේ පියා දොන් අන්දිරිස් විජේවීර විය. මවගේ නම වුයේ නැසිනෝනා වික්‍රම කළතොටය . දකුණු ලක මාතර දිස්ත්‍රික්කයේ කොට්ටෙගොඩ ධිවර ගම්මානයේ ඔහුගේ කුඩා කල ගෙවී ගියේය. ඔහුගේ මුලික අද්‍යාපනය හැදෑරුවේ ගොඩඋඩ කනිෂ්ට විද්‍යාලයෙනි. (1947 සිට 1953 දක්වා.)ඉන් පසුව 1959 දක්වා ඔහු ගොඩඋඩ මහා විද්‍යාලයේ උගැනුම ලබන ලදී. ඉන් පසුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුළු වේ උසස් අද්‍යාපනය හදාරන ලදී. 1960 දී ලුලුබ්මා මිත්‍රත්ව සරසවියෙන් පිරි නැමුණු ශිෂයත්වයක් ලැබීමෙන් අනතුරුව වෛද්‍ය උපාධිය හැදෑරීමට රුසියාව බලා පිටත් විනි. වසර තුනක විද්‍යා උපදී පටමාලව ඉතා සාර්ථකව හැරු විජේවීර නම් තරුණ විප්ලවවාදිය තවදුරටත් දේසපාලන ආර්ථික විද්‍යාවද හදාරන ලදී. ඔහු රුසියානු බාෂාව මාස 7 ක් වැනි කෙටිකාලයකින් නිම කළේය. එවකට පවතී රුසියානු හා චීන මතබෙදයෙදේ ඔහුගේ විවේචනය රුසියානු ක්‍රමය වෙත යොමු වුනි.

දේශපාලනයසංස්කරණය

පසුව කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි රෝහණ විජේවීර එවකට බෙදී තිබුණු ශ්‍රීලංකා කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල හා එක්විය. එහි ප්‍රතිපලයක් වසයෙන් නැවත රුසියාවට යාමේ වීසා අවලංගු විය. ඔහුගේ පියා කොමියුනිස්ට් පක්ෂයේ දොස්තර වික්‍රමසිංහ මහතාගේ ඉතා කිට්ටුවන්ත ක් වූ අතර 1947 මහා මැතිවරණයෙදී ප්‍රේමලාල් කුමාරසිරිගේ ජයග්‍රහණය උදෙසා කටයුතු කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ මැර කණ්ඩායමක් විසින් පහරදී සදාකාලික අන්ගවිකලත්වයට පත් කළේය
             ජනතා විමුක්ති පෙරමුණ ලාංකේය‍ දේශපාලන කේෂ්ත්‍රය තුළ සුවිශේෂී සටහන් තැබූ පක්ෂයකි. 1965 මැයි මස 14 වන වෙසක් පොහෝ දින ගාල්ල අක්මීමන දී පක්ෂය ආරම්භ කිරීමේ සාකච්ඡාව පවත්වන ලදී.පක්ෂයේ නිර්මාතෘ වූයේ රෝහණ විජේවීර මහතාය.අක්මීමන සාකච්ඡාව සඳහා හත්දෙනෙක් සහභාගී විය. ජවිපෙ ආරම්භ කිරීමේ අරමුණු වූයේ ලංකාවේ නිර්ධන පන්තියට රාජ්‍යබලය දිනා ගැනීමටය. ජවිපෙ බිහිවීම සදහා බලපාන ලද හේතූන් වූයේ පැරණි වමේ ව්‍යාපාරය සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ ආණ්ඩුව සමග එකතුවීම, චීන සෝවියට් මතභේදය, රෝහණ විජෙවීරගේ මැදිහත්වීමද මේ සඳහා බලපාන ලදී. මේ කාල සීමාව තුළ ලංකා කොමියුනිස්ට් පක්ෂය චීන පිල හා රුසියානු පිල වශයෙන් දෙකට බෙදී තිබුනු අතර රෝහණ විජේවීර මහතා චීන පිලේ මතය පිළිගනිමින් එය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ලදී.
          71 කැරැල්ල

1970 අගවන විට සමගි පෙරමුණු ආණ්ඩුව ජවිපෙ කෙරෙහි විශේෂ අවධානයකින් සිටින අතර 1970 අගෝස්තු 09 දින සමගි පෙරමුණු ආණ්ඩුවේ ලේකම්වරු තිදෙනා ජවිපෙ මර්දනය කිරීම සදහා ජනතා සහාය පතන ලදි. 1970 අගෝස්තු 12 ආරක්ෂක ලේකම් රත්නවේල් මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් චේ ව්‍යාපාර ආණ්ඩුවේ අංක එකේ සතුරා බවත් එය මුලිනුපුටා දැමිය යුතු බවත් ප්‍රකාශ කරයි. 1971මාර්තු 06 වන දින ඒවන විටත් ජවිපෙන් වෙන්ව සිටි ධර්මසේකර කණ්ඩායම විසින් ඇමරිකානු තානාපති කාර්යාලයට පහරදෙන ලදී. මේ සමග ආණ්ඩුව හදිසි නීතිය පනවන ලදී. 1971 මාර්තු 13 රෝහණ විජේවීර හා කෙලී සේනානායක අම්පාරේදී අත්අඩංගුවට ගෙන යාපනයේ රදවන ලදී. මේ තත්ත්වය තුළ ඒ වන විට ඉදිරිපෙළේ නායකයකුව සිටි පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන් කැරැල්ලට සූදානම් වෙයි. 1971 අප්‍රේල් 12 වන දින විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සංඝාරාමයේ දී පහරදීම සදහා සාකච්ඡාවක් පවත්වන ලදී. ප්‍රථමයෙන් තීරණයකර තිබුනේ අප්‍රේල් 05 අළුයම පහර දීමටය.නමුත් පසුව එම තීරණය වෙනස් කරමින්.රාත්‍රී පහරදීමට තීරණය කෙරිණි.මේ පනිවිඩය මොනරාගල දිස්ත්‍රික්කයට අදාලව වෙනස්කිරීමට නොහැකි විය. පණිවිඩය මොනරාගල දිස්ත්‍රික්කයට අදාලව වෙනස් කිරීමට නොහැකි විම නිසා වැල්ලවාය පොලීසියට පහරදීම අප්‍රේල් 05 අලුයම සිදුවිය.එනිසා කැරැල්ල අසාර්ථවීමට එය හේතුවිණි. එහිදී පොලිස් ස්ථාන 92 කට පහරදුන් අතර 57 කට අලාභහානි සිදුවිය. තරුණ තරුණියන් දස දහසක් දෙනා මරණයට පත් වූඅතර 20,000 ක් පමණ සිරගත කෙරිණි.සැකකරුවන්ට දඩුවම් කිරීමට විශේෂ නීතියක් යටතේ ආණ්ඩුව කොමිසමක් පත් කරන ලදි.එය අපරාධ විනිශ්චය කොමිෂන් සභාව ලෙස හඳුන්වන ලදී.කොමිසන් සභාව මගින් පක්ෂ නායකයන්ට දඩුවම් පනවන ලදී. එයින් අනතුරුව සිරගෙදර සිට පක්ෂය ගොඩනැගීමට කටයුතු කරන ලදී.
 රෝහණ විජේවීරයන් නිර්මාණය කළේ තමාගෙන් පසුව ද ඉදිරියට යා හැකි දේශපාලන ව්‍යාපාරයකි. අද පවතින ගතානුගතික දේශපාලන පක්ෂවල නායක කාරකාදීන් බලන්නේ, තමන්ගේ පසු තම පක්ෂයේ නායකත්වයට තම පවුලේ කෙනෙක් ගෙන එන්නේ කෙසේද? කියාය. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා කිසි විටෙකත් තමා ගොඩනැගු දේශපාලන ව්‍යාපාරය තම පවුලේ බූදලයක් කිරීමට නොසිතුවේය. එය සැබෑ ජනතා ව්‍යාපාරයකි. එය අයිති ජනතාවටය.

ඔහු ඒ වෙනුවට ගොඩනැගුවේ සහෝදරත්වයකින් බැඳුණු ලොව සුවිශාලතම පවුලය. එය ජනතා විමුක්ති පෙරමුණ නමැති පවුලය. එම පවුල තුළ අසීමිත ලෙන්ගතුභාවයක්, සහෝදරත්වයක් නිර්මාණශීලී ගතිකත්වයක්, නිර්ධන පංති සංස්කෘතියක් රෝපණය කිරීමට ඔහු සමත් විය.

ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ සිට පහළට සැබෑ විප්ලවවාදීන් ගොඩනැගීමට රෝහණ විජේවීරයන්ට හැකිවීමට හේතු කිහිපයක් බලපෑවේය. එක් අතෙකින් ලාංකේය සමාජය තුළ ඒ සඳහා විභවයක් පැවැතීමයි. අනෙක එම කටයුත්ත එසේ නිම කිරීමට ඔහු තුළ තිබූ අප්‍රතිහත ධෛර්යයි. සංවිධානයේ ඉහළ සිට පහළට ගොනු වූ සැබූ විප්ලවාදීන් සමාජ සාධාරණත්වය වෙනුවෙන් එඩිතරව සටන් වැදුණේත් උසස් අරමුණු වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කිරීමට තරම් නිර්භීතභාවයේ මුදුන් හිණිපෙත්ත දක්වා යෑමට අධිෂ්ඨාන කරගත්තේත් එහෙයිනි. අසුහතෙන් ඇරඹි අරගලය තුළ දස දහස් සංඛ්‍යාත ලාංකේය විප්ලවවාදීන් තම ජීවිත පරිත්‍යාග කළේ එහෙයිනි. ඔහු ගොඩනැගුවේ තමන්ගේ සහ තම සමීප සගයන්ගේ මරණයෙන් මතු තමන් ගොඩනැගු දේශපාලන ව්‍යාපාරයත්, ස්වාභාවික මරණයට පත්වන පන්නයේ ව්‍යාපාරයක් නොවේ. දිවි ගලවා ගත් අතළොස්සක් දෙනා විප්ලවය අතහැර දමා දිරාගොස් ගරාවැටෙන ධනවාදී ක්‍රමයට අනුගත වන, ඒ මේ අත වැනෙන වියළි පරඬැල් පත් වැනි සාමාජිකයන්ගෙන් සමන්විත ව්‍යාපාරයක් නොවේ. ඔහු ගොඩනැගුවේ එළඹෙන ඕනෑම අභියෝගයකට අභීතව මුහුණ දෙන සැබෑ සටන්කාමී විප්ලවවාදීන්ගේන් සමන්විත පක්ෂයකි.

විප්ලවීය ජීවගුණයෙන් දුරස්ව, සතුරන් අතරට පලාගොස් සතුරාගේ සුරතලුන් බවට පත්වූ අතළොස්සක් දෙනා පිළිකෙව් කොට පීඩිත පංතියේ පක්ෂය යළි මුල සිට ගොඩනගන්නට සමත් සැබෑ විප්ලවවාදීන් බිහි කර තිබූ හෙයින් ජනතා විමුක්ති පෙරමුණට යළි දැවැන්ත බලවේගයක්ව වැඩෙන්නට හැකි විය. 1989 වර්ෂයේ මහා ලෝභිත සංහාරයෙන් පසු අහම්බෙන් ජීවිත බේරුණු අතළොස්සක් දෙනා එක්ව ජනතා විමුක්ති පෙරමුණ යළි ගොඩනගා අද ධනවාදී සියලු බලවේගයන්ට අභියෝග කළ හැකි තත්ත්වයට පත්වී ඇත්තේ ඒ පදනම ශක්තිමත්ව ගොඩනගා සැබෑ විප්ලවවාදීන් නිර්මාණය කිරීමට විජේවීරයන් සහජයෙන්ම දක්ෂයෙකු ද වූ නිසාය. ධනවාදී වැහැරීම් සහිත සමාජයේ කිසිදු අරමුණක් නැතිව සිටි එහෙත් මනා තාර්කික බුද්ධියක් සහිත පිරිසක් ශ්‍රේෂ්ඨ විප්ලවවාදීන් බවට පරිවර්තනය කළ ලාංකේය සමාජයේ පළමු ගුරුවරයා ඔහුය.

පීඩිත පංතියේ දුක් දොම්නස් නිමා කිරීමට තමන්ගේ මුළු ජීවිතයම කැපකරන මිනිසුන් සැබැවින්ම වීරවරයන්ය. සමස්ත සමාජයේ උන්නතිය වෙනුවෙන් අරමුණු සහගතව ස්වේඡාවෙන් වැඩ කිරීම මිනිස් ඉතිහාසයේ දුෂ්කරතම මෙන්ම දුර්ලභතම කටයුත්තකි. මිහිතලය මත එවැනි දුර්ලභ මිනිසුන් ලක්ෂ සංඛ්‍යාතව බිහි කළේ ඔහුය. ධෛර්ය යනු මිනිස් සමාජයේ පවතින තත්ත්වයන්ට අනුව දෝලනය වන ප්‍රපංචයකි. කායික සහ මානසික ප්‍රබෝධය හමුවේ ධෛර්ය අතු ඉතිලා වේගයෙන් වැඩෙයි. එහෙත් කය සහ මනස දුබල තත්ත්වයට පත්වූ පසු කෙනෙකුගේ ධෛර්ය කෙමෙන් ගිලිහී යා හැකිය. මරණය එවැනි අවස්ථාවකි. මරණය හමුවෙත් පාවාදීම වෙනුවට කටුක මරණයම තෝරාගත හැකි ධෛර්ය සම්පන්න මිනිසුන්ගෙන් අනූන දේශපාලන සංවිධානයක් ඇත්නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ පමණි. එවැනි දේශපාලන සංවිධානයක් සහ එවැනි මිනිස් ප්‍රජාවගේ නිර්මාණය කළ අපූර්ව මිනිසා රෝහණ විජේවීරයන්ය. උපතිස්ස ගමනායක, සමන් පියසිරි ප්‍රනාන්දු, ශාන්ත බණ්ඩාර, සුමිත් අතුකෝරල හා තවත් එවැනි නායකයන් සමුහයක් මෙන්ම පාවාදීම වෙනුවට සැබෑ විප්ලවවාදී ජීව ගුණය තෝරාගත් නම් කී නොකී බොහෝ දෙනෙකුත් නොහඳුනන වීරවරයන් දස දහස් ගණනකුත් රෝහණ විජේවීරයන් සමග උත්තමාචාරය ලැබිය  යුත්තෝය.

සැබෑ වමේ ව්‍යාපාරයක්, මාක්ස් ලෙනින්වාදී දර්ශනයෙන් පෝෂණය වූවක් විය යුතුය. රෝහණ විජේවීරයන් තම විප්ලවවාදී දර්ශනය නිර්මාණය කර ගත්තේ මාක්ස් ලෙනින්වාදී පදනමේ සිටය. එහෙත් එක් එක් රටවල සුවිශේෂී තත්ත්වයන්ට එම න්‍යය ගලප්පා ගත යුතුය. එසේ නොවුවහොත් බරපතළ වරද්දා ගැනීම් සිදුවිය හැකිය. නිවැරදි විප්ලවාදී විනයක් තිබීම එම කොන්දේසි නිර්මාණය වීමට පහසුවක් වන මුත් න්‍යාය ඇදහිල්ලක් නොවන්නේය. න්‍යාය එහි අවසන් හැඩරුව ලබන්නේ සැබැවින්ම පොදු ජන හා විප්ලවාදී ව්‍යාපාරයක ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය හා සමීප සම්බන්ධතාවක් ඇතිව පමණි යනුවෙන් ශ්‍රේෂ්ඨ ගුරුවර ලෙනින් විසින් කියනු ලැබ ඇත.

විජේවීරයන් ගුරුකොට ගත්තේ ලෙනින්ගේ පිළිවෙතය. ඔහුගේ මෙම උදාහරණයෙන්ම ඒ බව මනාව පසක්වේ. “රුසියානු සපත්තුව අපට ලොකු වැඩිය. චීන සපත්තුව අපට කුඩා වැඩිය. අප හදාගත යුතතේ අපේ කකුලට ගැලපෙන සපත්තුවකි. ඔහු නිර්මාණය කළේ ලාංකේය  මාදිලියේ වමකි.
89 විප්ලවයේදී විජේවීරව අමානුශික ලෙස වද හින්සා කොට බොරැල්ල කනත්තේදී වෙඩි තබා ඝාතනය කලේ එවකට සිටි රජය විසිනි. ඔවුන් එසේ කලේ ඉන් මතුවට එවැනි කම්කරුවන්ගේ විප්ලව නැවත් ඉස්මතු නොවීමටය. ඔවුන්ගේ උත්සහය සාරතක විය. එනම් විජේවීර වැනි බලවත් ජවසම්පන්න නායකයෙකු මෙරට තුල බිහි නොවීය. එනිසා 89 අවසන් වූ ප්‍රානය නිරුද්ද කම්කරු සිරුරු වලට හුස්ම බිදක් හෙලීමට තවමත් කිසිවෙකුට නොහැකි වී තිබීමයි. ජාතියේ අවසනාවකට අහිමි වූවත් විජේවීරගේ ජීවය ඔහුගේ දර්ශනය තවමත් තරුන පිරිස් අතර ස්වල්පයක ඇත.